විගමණික ශ්‍රමිකයින් තම සේවා ස්ථානවලදී මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීමේදී එහි වගකීම රැකියා නියෝජිතායතන වෙත තිබෙන බවත් රැකියා ඒජන්සි එම වගකීම නිසි අයුරින් ඉටු නොකරන්නේනම් ඒ සඳහා දැඩි පියවර ගන්නා බවත් විදේශ රැකියා කාර්යාංශය සඳහන් කරයි.
ගැටලු සඳහා විසදුම් නොදෙන්නේ නම් ඒජන්සිවල බලපත්‍ර යළි දීර්ඝ කිරීමේදී විමසිලිමත් වන බවත් කාර්යාංශය කියයි.
රැකියා නියෝජිතයින් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබානොදෙන්නේනම් කළහොත් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමටත්, එම රැකියා ආයතනයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට හෝ දීර්ඝ කිරීමේදී මෙම තත්වය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය උපදෙස් දී ඇතැයිද කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.