කොළඹ මහ නගර සභාවට අවුරුදු 150ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය සදහා සහභාගි වීමට පැමිණ සිටින විදේශ නගරාධිපතිවරුන් අද (14දා) පෙරවරුවේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවිය. අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදු වූ අතර කොළඹ නගරාධිපති ඒ. ජේ.එම්. මුසම්මිල් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.