විද්‍යුත් උත්පාදක, විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමෙන් පසු ඇතිවන වෝල්ටීයතා අඩු වැඩිවීම වළක්වා ගැනීම 'සුහුරු පරිණාමක' පද්ධතියක් (Smart Transformer) පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය එක්ව නිර්මාණය කර තිබේ.
'සුහුරු පරිණාමක' මගින් කෙරෙනුයේ සූර්ය පැනල, විද්‍යුත් ජාලකරණ සහ විද්‍යුත් උත්පාදක අපගේ විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේදී වෝල්ටීයතාව ප්‍රමිතියට අනුව 216 ත් 244 ත් අතර අගයක පවත්වා ගැනීමයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මගපෙන්වීම යටතේ ලෝචනා විජේරත්න සිසුවිය විසින් මෙම 'සුහුරු' පද්ධතිය නිර්මාණය කරනු ලැබ ඇත.
"සූර්ය බලපද්ධති මගින් නිපදවන ජවය කාලයත් සමග වෙනස් වෙනවා. ඒ නිසා බෙදාහැරීමේ ජාලයේ වෝල්ටීයතාව අඩු වැඩි වෙනවා. විශේෂයෙන් සූර්ය බල පද්ධති රාශියක් ඇතිවිට දවල් කාලයේදී වෝල්ටීයතාව වැඩි වෙන්න පුළුවන්. වෝල්ටීයතාව 244 ට වඩා වැඩිවුවහොත් ඒ හා සම්බන්ධ වන උපකරණවලට හානිදායක වෙනවා. ඒ වගේම වෝල්ටීයතාව අඩුවුවහොත් උපකරණ ක්‍රියාකරන්නේ නැතිවෙනවා. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන ප්‍රමිතියට අනුව ඒකීය අගයක පවත්වා ගත යුතු යන අදහස මට ආවා. ඒ අනුව මෙම 'සුහුරු' පද්ධතිය නිර්මාණය කරන්න හැකි වුණා.
මෙය පසුගියදා බත්තරමුල්ලේ පැවැති විදුලි හා විද්‍යුත් පර්යේෂණ ව්‍යාපෘති සම්මේලනයේ කැපී පෙනෙන නිර්මාණයක් වුණා. මෙය අනාගතයේදී විද්‍යුත් පද්ධති 'සුහුරු පද්ධති' බවට පත් කිරීමට අත්‍යවශ්‍ය අංගයක් වේවි යැයි මා සිතනවා.
මෙම සුහුරු පරිණාමකය ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරතාව රැකගැනීමටත් ඉවහල් වෙනවා වගේම විදුලිබල පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 50 ක් රඳවා ගැනීමට හැමවිටම උත්සාහ කරනවා. එහෙත් සූර්ය බල හා අනෙකුත් පුනර්ජනනීය පද්ධතිය අධික ලෙස ඇති විට ඒවායේ ජවය විචල්‍ය වනවිට විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස් වෙනවා. එබැවින් විදුලිබල පද්ධතියේ උත්පාදනය කරන විදුලි ප්‍රමාණය හා පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය අතර පවතින සමතුලිතතාව පවත්වා ගැනීමට අපහසු වෙනවා. එවැනි අවස්ථාවේදී සමතුලිතතාව පවත්වා ගැනීමටත් උචිත අයුරින් පරිභෝජනය කරන විදුලි ප්‍රමාණ වෙනස් කිරීමටත් මෙම සුහුරු පරිණාමකයට හැකිවෙනවා" යැයි ලෝචනා පැවසුවාය.
ගයාන් සූරියආරච්චි