බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවාහන මධ්‍යස්ථාන 5 ක් ඉදිකිරීමට කටයුතු කරන බවත් මේ වන විට කොට්ටාවේ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවෙමින් පවතින අතර ඉදිරියේදී පානදුර, කඩවත, කටුනායක සහ කොටුව ප්‍රදේශ මූලික කරගනිමින් ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකෙරෙන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එමෙන්ම රටතුළ ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ සහායද ලබාගන්නා බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුයේ පානදුර නගර සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.