වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිළි ස්වභාවය නිසා, අද (17දා) දිනයේදීත් විශේෂයෙන්ම අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අකුණු සමග වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථානවලට තද වැසි (මි.මී 100ට වැඩි) බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට, එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.