පහළ වායුගෝලයේ ඇතිවී තිබෙන කැළඹිලි සහගත තත්ත්වයන් නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි..
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මීට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රීක්ක වලත් නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවලත් උදය කාලයේදීත් වැසි ඇති වෙන බවත් සමහර තැන්වලට මි.මී 100 ට වඩා වන තද වැසිද අපේක්ෂා කල හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.