කවර බාධා කිරීම් සිදු කෙරුණත් ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද වාණිජ ගිවිසුම් අත්සන් තබන බව අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියි.අගමැතිවරයා අද (20 දා) හම්බන්තොට නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව එම අදහස් ප්‍රකාශ කළේය.
හම්බන්තොට වරාය ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු සඳහා උපයෝගී කර ගන්නා බවත් නැව් අලුත්වැඩියාව සහ තෙල් පිරිපහදුව වැනි ව්‍යාපෘතීන් සඳහා යොදවන බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා චීන සමාගමක් ඒ සඳහා තවත් අක්කර දහසක් ඉල්ලා ඇති බවද පැවැසීය.
ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන නිදහස් වෙළඳ ගිවිසුමට රජයේ වෛද්‍යවරුන්ගේ සංවිධානය අකුල් හෙළන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරයක් සහිත වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩනොදෙන බවද පැවැසුවේය.
රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් ද සහය දෙන බවත්, ඔවුන්ගේ නම් ගැන තමන් නොකියන බවත් සඳහන් කළේය.
මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, රුහුණු මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, වියළි කාලාපයේ උද්භිත උද්‍යානය, ඉදිවෙමින් පවතින රෝහල් සංකීර්ණය, හා පරිපාලන ගොඩනැගිල්ල සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයට නිරීක්ෂණයට අගමැතිවරයා එක්විය.