මේ වනවිට මෙරට තුළ වසරකට විද්‍යුත් අපද්‍රව්‍ය ටොන් 3000 ක් බැහැර කරන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ පසුබිම තුළ වෙළෙඳ ව්‍යාපාරිකයන් විද්‍යුත් කසළ භාර ගන්නා ස්ථාන බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත්, ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමට යොමු කර තිබෙන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ යම් විද්‍යුත් උපකරණයක් මිලදී ගැනීමේදී එහි සමස්ත මිලට අමතරව මුදලක් එකතු කර පාරිභෝගිකයාට ලබාදීම මෙහිදී සිදුවන බවත්, එම භාණ්ඩය කල් ඉකුත් වූ පසු ව්‍යාපාරික ස්ථානයට එය ලබාදී අමතර මුදල යළි ලබාගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.
මෙය මුදල් සම්බන්ධ කාරණයක් බැවින් ජනතා කැමැත්ත විමසීමේ කටයුතු කඩිනමින් අවසන් කර නව වැඩපිළිවෙළ ආරම්භ කරන බවත්, මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ මැදිහත්වීමක් සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.