රාජ්‍ය ප්‍රවාහන සේවය ලෙස රටේ ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට මේ වසර අවසන් වීමට පෙර ලංගමයට අලුතින් බස් රථ 2285 ක් යොදවන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.
ඊයේ (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම බස්රථ ප්‍රමාණයෙන් බස්රථ 300ක් මෙම මාසයේදී සේවයට එක්කරන බවත්, ඉතිරි බස් ප්‍රමාණය අගෝස්තු මාසයේදී 500 ක්, සැප්තැම්බර් මාසයේදී 500 ක්, ඔක්තෝබර් මාසයේදී 700 ක් සහ නොවැම්බර් මාසයේදී 200 ක් වශයෙන් යෙදවීමට කටයුතු කරන බවත්ය.
මහා භාණ්ඩාගාරය මැදිහත්ව බස්රථ 85 ක් ලබාදීමට පොරොන්දු වී තිබෙන බවත්, මෙම කාලය තුළදී එම බස්රථ ප්‍රමාණයද ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අලුතින් සේවයට එක්කරන බස්රථවලින් වැඩි ප්‍රමාණයක් දුර ගමන් සේවාවල යොදවන බවත්, දැනට වසර 15 – 20 ඉක්මවා ධාවනය කර ඇති බස්රථවලින් අබලන් බස්රථ ධාවනයෙන් ඉවත්කර වෙන්දේසි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව අලුතින් එක්කරන සහ දැනට ධාවනය වන බස්රථ විධිමත්ව හා ක්‍රමවත්ව නඩත්තු කිරීමටත්, බස් රථවල ආදායම ඩිපෝවලට ලබාගැනීමටත් විධිමත් වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.