මාස 08ක පමණ දිගු කාලයකට පසුව වවුනියාව දිස්ත්රික්කයට සැලකිය යුතු වර්ෂාපතනයක් ඊයේ (16දා) සවස සිට ඇදහැළෙමින් පවතී.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ වන්නි දිස්ත්රික්කයට ඇදහැළුනු වර්ෂාවෙන් පසුව සැලිකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසාවෙන් වන්නි දිස්ත්රික්කයේ පිහිටි වැව්වලින් 80% කට ආසන්න ප්රමාණයක්ම සම්පූර්ණයෙන්ම සිඳී ගිය අතර, පානීය ළිං පවා සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසා වන්නි වැසියෝ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑහ.