වරාය තුළ යහපාලනයක් ඇති කරන ලෙස ඉල්ලමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිතිය විසින් දින 07 ක් තිස්සේ පවත්වන ලද සත්යග්රහය අද (23දා) සවස 6.00 ට නවතා දැමීමට තීරණය කර තිබේ.
සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳව සලකා බලන බවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ලබාදුන් පොරොන්දුවක් මත මෙම සත්යග්රහය නවතා දැමිමට තීරණය කර ඇත.
ඇමතිවරයාසිදුකරන අවධිමත් කටයුතු නවතා දමන ලෙසට සහ පාලනාධිකාරිය සිදුකරන අවධිමත් කටයුතු නවතා දමා සේවක මර්දනය නවතා දමන ලෙස ඉල්ලා මෙම සත්යග්රහය ආරම්භ කරනු ලැබිණි.