ඉදිරියේදි තමන් විශේෂයෙන්ම වතුකරයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවාව සිදුකිරීමට කැපවන බවත් රජයක් ලෙස ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට ක්‍රියාකරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ‘වෙදමුල්ල’ වතුයායේ කන්දක් නායයාම හේතුවෙන් විපතට පත් පවුල්වල සුව දුක් සොයාබලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් අමාත්‍යවරයා කළ සංචාරයක් අතරතුර මෙම අදහස් පළකරන ලදි. අමාත්‍යවරයාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නායයාමට ලක්වූ පවුල් හතක් සඳහා මුල්‍යාධාර ලබාදෙන ලදී.
අපි අතර ඇති සුළු සුළු මතභේද අමතක කර පක්ෂ, පාට, කුල බේදයකින් තොරව මෙවැනි ව්‍යසන අවස්ථාවකදි මනුස්සකම ඉස්මතු වන පරිදි කටයුතු කළ යුතු වෙනවා. මෙය ද්‍රවිඩ ජනතාවට සිදුවුණත් සිංහල, මුස්ලිම් ජනතාවට සිදුවුණත් එකයි. ඒ නිසා අපගේ සියළු ජනකොටස් වෙනුවෙන් අපි එකතුවිය යුතුයි. ද්‍රවිඩ ගමක මෙවැනි විපතක් වුණාම සිංහල සහෝදරයො උදව් කරනවා වගේම මට සියයට සියයක් විශ්වාසයි සිංහල ගමක මෙවැනි විපතක් වුණොත් අපේ ද්‍රවිඩ සහෝදරයො සිය උපරිම උදව් උපකාර කිරීම සිදුකරන බව යැයි අමාත්‍යවරයා මෙහිදි පැවසීය.