වතිකානුව වෙනුවෙන් නව තානාපතිවරයෙකු ඇතුළුව නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (4දා) සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.
ඒ අනුව, වතිකානුව වෙනුවෙන් මොන්සිග්ඤාර් පියරේ එන්ගුයෙන් බැන් ටොට් අපෝස්තලික තානාපති පියතුමා, ගිනි රාජ්‍ය වෙනුවෙන් අලෙක්සැන්ඩර් සෙසේ ලුවා මහතා, ස්ලොවැක් ජනරජය වෙනුවෙන් සිග්මන්ඩ් බර්ටොක් මහතා නව තානාපතිවරු ලෙසත්, නැමීබියාව වෙනුවෙන් පියස් දුනයිස්කි මහතා මහ කොමසාරිස්වරයෙකු ලෙසත් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.