මෙවර යල කන්නය තුළ වගා හානියට පත්වු සියලුම කුඹුරු සඳහා වන්දි ගෙවීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.
මෙවර යල කන්නය තුළ පැවති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් රක්ෂණය සිදු නොකල ද හානියට පත්වී ඇති සෑම කුඹුරක් සදහාම වන්දි ලබාදෙන බව කළුතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ නන්දලාල් පෙරේරා මහතා පැවසීය.
වගාහානි තක්සේරු කිරීමේ කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ නිරදේශයන්ට අනුව වගා හානි වන්දි ගෙවීම සිදුවේ. කෙසේ නමුත් අක්කරයකට රු.10,000 උපරිමයකට යටත්ව මෙම වන්දි ගෙවීම සිදු කෙරේ.
මීට අමතරව හදිසි ආපදා තත්වය තුළ හානියට පත් ගොවි ජනතාවගේ වගාවන්, දේපළ මෙන්ම හානි වු වැව් අමුණු පිළිබද තොරතුරු එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයක්ද ආරම්භ කර ඇත.
මෙම මධ්‍යස්ථාන ද කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර දුරකථන අංක 1918 යටතේ ඕනෑම කෙනෙකුට මෙම වගා හානි පිළිබඳ තොරතුරු ලබා දීමට හැක.