ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදුවන වකුගඩු ජාවාරම සඳහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත සඳහන් කරයි.මෙම ජාවාර පිළිබඳ පරීක්ෂණ කරන ඉන්දීය පොලිස් වාර්තා උපුටා දක්වමින් හින්දු පුවත්පත ඉහත තොරුතුරු අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව මුදලට වකුගඩු තහනම් අතර වකුගඩු සැත්කමක් කිරීමේදී ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින ත්‍රිපුද්ගල කමිටුවකින් අවසර ගත යුතුය.
නාල්ගෝණ්ඩා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති වකුගඩු ජාවාරමේ මහමොළකරු බව කියන සුරේෂ් ප්‍රජාපති පවසා ඇත්තේ එක් වකුගඩු ශල්‍ය කර්මයක් වෙනුවෙන් එම ත්‍රිපුද්ගල කමිටුවට ඩොලර් 500ක මුදලක් ලබාදෙන බවයි. මෙය වකුගඩුව ලබාගන්නා පුද්ගලයා සුරේෂ්ට ගෙවන මුදලින් සියයට 1ක වටිනාකමකි.