මහජන දේපළ අයථා ලෙස භාවිත කරන වංචනික දේශපාලඥයන්ගේ නාමලේඛන මාධ්‍ය‘ මගින් හෙළිකරන ලෙස ඩලස් අලහප්පේරුම මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් හෙතෙම මේ බව පැවසීය.
රජයේ වාහන 167 ක් තවමත් හිටපු ඇමතිවරුන් ළඟ^ යනුවෙන් මාධ්‍ය වාර්තා පළ වී ඇති බවත්, ඉන් තමාද අපහසුතාවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා කීය.තමා පසුගිය ජනවාරි 09 වැනිදාම තමන් භාවිත කළ රජයේ වාහන ආපසු බාරදුන් බවද මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ වෙතත් මෙහිදී නැඟී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ,ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසන කරුණ ඒකාබද්ධ විපක්ෂයකට අදාළ කරුණු බව තමාට වැටහී යන බවයි.ඒකාබද්ධ විපක්ෂය ලෙස බැනර් ඔසවනවා නම් වාහන ළඟ තබාගෙන සිටීම පිළිබඳවද තනි තනිව නොකියා, ඒකාබද්ධ විපක්ෂයක් ලෙසම ඒ ගැන ප්‍රකාශ කරන ලෙසටදමන්ත්රීවරයා මෙහිදී කියා සිටියේය.