ඇමෙරිකානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ එක්සත් ජාතීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මුහුදු වෙරළවල් සහිත රටවල සිදුකළ සමීක්ෂණයකට අනුව මේ වසරේ ලෝකයේ හොඳම මුහුදු වෙරළ ලෙස උණවටුන වෙරළ තීරය නම් කර තිබේ.
මෙම කණ්ඩායම් දෙක මේ වසර තුළදී ලෝකයේ සෑම මුහුදු වෙරළකටම ගොස් එහි තත්ත්වය, පිරිසුදුභාවය, ආරක්ෂිතභාවය ඇතුළු කරුණු ගණනාවක් සොයා බැලීමෙන් පසු ලෝකයේ හොඳම මුහුදු වෙරළ ලෙස ශ්‍රී ලංකාවේ උණවටුන වෙරළ තීරය නම් කර ඇත.