ලොමුදැහැගැන්වෙන ආකාරයෙන් ජර්මනිය කරා පැමිණෙන සංක්‍රමණිකයන් ඉදිරි වර්ෂවලදී ජර්මනියේ වෙසෙමින් ජර්මනිය වෙනස් කරනු ඇති බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් පවසයි.
එහිදී, සංක්‍රමණිකයන් සම්බන්ධ ක්‍රියාදාමය වේගවත් කරමින් ඔවුන්ට අවශ්‍ය අමතර නිවාස ඉදිකිරීමට කටයුතු කරන බව පවසන ඇය, යුරෝපා සංගමයේ සෙසු රටවල්ද මීට උදව් කළ යුතු බව පවසයි.
මේ අතර, ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ පවසා සිටියේ, යුරෝපා සංගමය තුළ සංක්‍රමණිකයන් 120,000කට කෝටා ලබාදීමක් සිදුවන අතර, ප්‍රංශය සංක්‍රමණිකයන් 24,000ක් භාරගන්නා බවයි.
.jpg)
.jpg)