වැලිමැක්කන් (sandfly) ආශ්රිත ඒකසෛලික රෝගකාරකයක් මගින් වැලඳෙන ලිෂ්මනයිසිස් (leishmaniasis) රෝගය 1992 දී මුල් වරට මෙරට වාර්තා වීමෙන් අනතුරුව මේ වනවිටරෝගීන් වැඩි වීමේ අවදානමක් පවතින බව ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යා පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ ලේකම් හා පේරාදෙණි විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පරපෝෂී විද්‍යා දෙපාර්තුමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසිජි වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පසුගිය10 සහ 11 යනදිනවල මහනුවරදීපැවැත්වුණු ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සමුළුවේදීය.
ලංකාවේ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ලිෂ්මනයිසිස් රෝගයේ තවත් ලක්ෂණයක් වන කියුටේනියස් ලිෂ්මනයිසිස්(cutaneous leishmaniasis) රෝගී තත්ත්වය වන අතර, එය99%ක් පමණමෙරටින්වාර්තා වී ඇති බවද සඳහන් වේ. සම මතුපිට තුවාල ඇති වීම එහි ප්‍රධාන රෝග ලක්ෂණයක් වන අතර අත්, පා, මුහුණ ආදියෙහිද තුවාල දැකිය හැකිය.ලිෂ්මනයිසිස් රෝගයේ තවත් රෝග ලක්ෂණයක් වන මියුකොකියුටේනියස් ලිෂ්මනයිසිස්(mucocutaneousleishmaniasis)රෝගය මුඛය ආශ්‍රිතව වැලඳෙයි.
කිසියම් පුද්ගලයෙකුගේ සති දෙකක් පමණ සුව නොවන තත්ත්වයේ තුවාල පවතී නම්ළඟම ඇති රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත්,
වියලි කලාපය ආශ්‍රිතව ඇති ගම්මාන හා රෝගය පැතිරීමේ අවදානමක් සහිත ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් සුසිජි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
රෝග කාරකය
සුසිජි වික්‍රමසිංහ මහතා