එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ ලාහුගල ප්‍රාදේශීය සභාවේ බලය සන්ධානයට හිමිවන ලකුණු පහළ වි තිබේ.
ඒ එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු එක්සත් ජාතික පකෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවට එක්වීමත් සමගිනි.
ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයට ආසන හතක් හා සන්ධානයට ආසන පහක් තිබුණි.
නමුත් එජාප මන්ත්‍රීන් තිදෙනෙකු සන්ධානයට එක්වීමත් සමග විපක්ෂය නියෝජනය කළ සන්ධානයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙන අතර පාලක් පක්ෂය වූ එජාපයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව හතර දක්වා අඩුවිය.
ඒ අනුව බහුතරය සන්ධානයට හිමිව තිබේ.