ලලිත්-කූගන් අතුරුදන් වී අදට වසර හතරයි
යාපනය, නීර්වේලීහිදී මීට වසර හතරකට පෙර අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් හා කූගන් මුරුගානන්දන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන ලෙස ඉල්ලා ලලිත් හා කුමාර්ගේ ඥාතීන් විසින් පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ලලිත් - කූගන් දෙදෙනා කළ මානව හිමිකම් ක්‍රියා අතරේදී ඔවුන් වෙත එවකට සිදු වූ බලපෑම් සම්බන්ධයෙන් මේ දක්වා ලලිත්ගේ පියා, කූගන්ගේ බිරිඳ ඇතුළු ඥාතීන් පොලීසියට කරුණු දක්වා ඇති නමුත් ඔවුන් දෙදෙනාගේ ජීවිත පිළිබඳ කතාන්දරය තවමත් තමන්ගේ හදවත් තුළ රිදුම් දෙන බලාපොරොත්තු පමණක් ඇති කරමින් තිබෙන්නේ යැයි පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමක් සඳහා සූදානම් වෙමින් සිටි මෙම මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වීමෙන් අනතුරුව ඔවුන් එවකට ආණ්ඩුව භාරයේ සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූ අතර, මේ වනවිට උසාවියේ පෙනී සිටින ලෙස ඔහු වෙත යාපනය අධිකරණයෙන් වරෙන්තුද නිකුත් කර තිබේ.
ඥාතීන් විසින් අත්සන් කරන ලද පෙත්සම පොලිස්පතිවරයා වෙත ඉදිරි දිනකදී බාරදීමට නියමිත බවද ලලිත් - කුමාර් පාර්ශ්වයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

