රුපියල් ලක්ෂ 66ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් නීති විරෝධී අයුරින් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඇමෙරිකානු ඩොලර් 45000ක් මෙම ඉන්දිය ජාතිකයා සන්තකයේ තිබී සොයා ගැනීමට රේගුව සමත්ව ඇත. ඊයේ (11දා) සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මුදල් තොගය රාජසන්තක කළ රේගුව සැකකාර ඉන්දීය ජාතිකයාට රුපියල් ලක්ෂයක දඩයක් පැනවිය.