වගඋත්තරකාරියකට වාසි සහගත වන අන්දමට නඩු තීන්දුවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ඉල්ලා, ලබාගත් බවට හෝමාගම හිටපු දිසා විනිසුරුවරයාට සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (02දා) නඩු පැවරීය.
හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහ සහ පොලිස් කොස්තාපල් එම්.ජී.මහින්ද කිත්සිරි යනඅයට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.
හංවැල්ල, ඇඹුල්ගම. සියරට හෝටලයේ පදිංචි එහි හිමිකාරිය වන දීපිකා ශ්‍යාමලී ජයවිර මහත්මියට එරෙහිව හංවැල්ල දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක තීන්දුව ඇයට පක්ෂව ලබාදීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ලබාගන්නා ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.