ඇලොසියස්ගෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන 118 දෙනා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 06 දෙනෙක් හා එක්සත් ජාතික පක්ෂ 17 දෙනෙකු සිටින බවට වාර්තා වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
රුපියල් ලක්ෂ 10 සිට දෙකෝටි පනස් ලක්ෂය දක්වා වූ මුදල් මෙම පිරිස් අතර බෙදාදී තිබෙන බවට වාර්තා වන බවත්, මෙම දේශපාලඥයන්ට අමතරව වෙනත් පුද්ගලයන් හරහා රුපියල් කෝටි ගණනක් මුදල් ලබාගත් දේශපාලඥයන්ද සිටින බවත් වාර්තා වන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මීට අමතරව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් සිටින බවත් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රඳවාගෙන සිටින බැඳුම්කර වාර්තාවේ පිටු 842ක තුළ අදාළ නම් තිබෙන බවද පවසා සිටියේය.