නොරොච්චෝල අවට ගම්වාසීන්ට මෙන්ම ගොවි බිම් වලට බරපතල පාරිසරික ගැටලු රැසක්,නිර්මාණය කල නොරොච්චෝල ලක් විජය ගල් අගුරු බළාගාරයේ,දහන අගුරු සහ දැවි අලු අභියෝගය සාර්ථකව ජය ගත් බව, සිවිල්ඉංජිනේරු (පාරිසරික )චින්තක දිසානායක මහතා, පවසයි.
ඒ අනුව ගල් අගුරු සහ දැවි අලු වලින් සිදු වන හාණිය ,2018 වසර තුළදී සියයට අසූ පහකින් පමණත්, 2019 වසර වන විට,සියට අනූපහකින් පමණත්, වළක්වා ගත හැකි බැව්, ඒ මහතා පැවසුවේ ය.
පුත්තලම දිසා ලේකම් එන්. එච්.එම්.චිත්‍රා නන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්, පසු ගිය 16 දින, බළාගාර පරිශ්‍රවයේ දී පැවැති, ලක් විජය ගල් අගුරු තාප බළාගාරයෙන් සිදු වන පාරිසරික ගැටලු වළක්වා ගැනීමේ ප්‍රගතිය පිළිබදව මැණ බැලෙන සාකච්ඡාවක දී මෙම කරුණු අණාවරනය විය.
තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසුවේ ය. “ඉදිරියේ දී ,නිරිත දිගමෝසමත් සමග එළැබෙන වාරකන් සමයේදී,ගල් අගුරු කුඩු සහ දැවි අලු,අවට ගම්මාන සහ ගොවි බිම් කරා පැතීරීම වලක්වාලීම සදහා, දිගු සහ කෙටි කාලීන පියවර රැසක්ම ගෙන තිබෙනවා.”
“ඒ අනුව ගල් අගුරු සහ අලු අංගනයන් සදහා සුළං බාධකයන් ඉදි කිරීම, ගල්අ ගුරු අංගනයේ භාවිතා නොවන ගල් අගුරු රසායනික ද්රාවනකින් අවරනය කිරීම,ගල් අගුරු අලු දිය කොට,මිශ්‍රණයක් ලෙස බැහැර කිරීම,ගල් අගුරු අංගනය සහ ගම් අතර අක්කර 25 ක උස ගස් වලින් යුතු සවභාවික කළාපය ක්අැති කිරීම, අලු ඉදිකිරීමේ ක්ෂේස්ත්‍ර සදහා සහ සිමෙන්ති නිශ්පාදන සදහා යොදා ගැනීම ඒ අතර වෙනවා.”
බළාගාරයෙන් මුහුදට මුදා හැරෙණ උණුසුම් ජලය, මුහුදු පරිසරයට හාණි දායක නොවන බව නාරා ආයතනයේ වාර්තාවක් මගින් ලබා දී තිබෙනවා. භූගත ජලය දූෂණයට ලක් වේ දැයි,ජල සම්පත් මණ්ඩළයේ නිරන්තර පර්යේෂන සිදුවෙනවා.
ඉලංතඩිය අසල්වැසි ගම්මානය, මුහුදු ඛාදනයට භාජනය වීම වැළක්වීම සදහා,නිශ්චිත පරතර සහිත දිය කඩනයක් ඉදිවෙමින් පවතියි.
ලක් විජය ගල් අගුරු බළාගාරයේ,දිනකට ගල් අගුරු දහනයෙන් මෙට්‍රික් ටොන් 800ක දැවි අලු ඉතිරි වේ.
මෙහිදී නියෝජ්‍ය සාමන්‍යාධිකාරී,ඉන්ද්‍රජිත් ගාල්ලගේ, මධ්‍යම පරිසර අධිකාරීයේ පරිසර දූෂණ පාලන අංශයේ සංජය රත්නායක ඇතුලු පරිසරවේදීන්,විදුලි බළ මණ්ඩලයේ නිළධාරීන්,රජයේ නිළධාරීන් මෙන්ම දැනට පාරිසරික ගැටලු සදහා මුහුණ පා ඇති ගම්වාසීන් මෙන්ම පූජ්‍ය පක්ෂය ද සහභාගී විය.