ලංගම සේවකයන්ගේ ඉදිරි මාස 03ක වැටුප් ලබාදීමට තම ලංගම නිලධාරීන් කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබෙන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීම යටතේ ලංගම සේවකයන් ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බවත්, නිලධාරීන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ මේ ආකාරයේ බලහත්කාරී ක්‍රියාවන් සිදුකරමින් තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
ලංගම සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට මාස 03කට වරක් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන බවත්, මේ අනුව පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම පත්‍රිකාව නිකුත් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ අනුව ලංගම සේවකයන් 34000කගේ වැටුප් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය අමානුෂීය ඉල්ලීම් සිදුකරමින් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
අදාළ නිලධාරීන්ගේ ලේඛනයක් මුදල් අමාත්‍යාංශය විසින් මේ වනවිට ඉදිරිපත් කර තිබෙන බවද ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.