කිසිම හේතුවක් මත රේගුවෙන් බදු රහිතව භාණ්ඩ නිදහස් කිරීමට වත්මන් රජය මගින් ඉඩනොදෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව රේගු අදායම රැපියල් බිලියන 65කින් වැඩිවු බවත් අමාත්‍යවරයා පැවසුයේ අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය. මීට පෙර රජයේ ඉහළ නිළධාරීන් සහ ඇතැම් දේශපාලඟඳයින් රේගු බදු නොගෙවා විශාල වශයෙන් වෙනත් මාර්ගවලින් භාණ්ඩ නිදහස්කරගෙන ඇතිබවත් එමගින් රජයට හිමිවිය යුතු බදු ආදායම අහිවී ඇතිබවත් අමාත්‍යවරයා කීය.