රීජ්වේ ආර්යා ළමා රෝහලේ හිටපු වැඩබලන අධ්යක්ෂවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට රෝහල් කාර්ය මණ්ඩලය කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවට වත්මන් රෝහල් අධ්යක්ෂවරයාගෙන් බාධා එල්ලවිය.
අද (03දා) රෝහල් ශ්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය සාක්ච්ඡාව පැවැත්වීමට නියමිතව තිබු අතර වත්මන් අධ්යක්ෂ වෛද්‍ය පද්මසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තම පාලනය යටතේ හිටපු අධ්යක්ෂවරයා වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.
පසුව රෝහලේ වෛද්‍ය ප්‍රධානීන්, රෝහල් ලේකම්තුමාගේ ප්‍රමුක කාර්ය මණ්ඩලය රෝහලේ ආපන ශාලාවේ මාද්‍ය සාකච්ඡාව පැවැත් විය.
එහිදී ප්‍රකාශ කරන ලද්දේ බදාදා (05දා) දින උදෑසනට පෙර අධ්යක්ෂවරයා සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ලබා නොදුන හොත් දැවැන්ත ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.