රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා මෙවර අයවැය තුළින් කිසිදු මුදලක් වෙන්නොකිරීම නිසා තමන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අයවැය විවාදය පැවැත්වෙන දිනවල රැකියා විරහිත උපාධිධාරීන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2012 වසරේ සිට රැකියා විරහිතව සිටින උපාධිධාරීන් 25,000 කට රැකියා ලබාදෙන බවට වර්තමාන ආණ්ඩුව පොරොන්දු ලබාදී ඇතත් ලබන වසර තුළ රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අයවැය තුළින් කිසිදු මුදලක් වෙන්කර නොමැති නිසා මෙම තීරණය ගත් බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.