මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය නිමිත්තෙන් සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන අද (07දා) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. සේවාර්ජිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උලෙළේදී ‘නවීකරණය වන සමාජයේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය’ මැයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා විසින් එක් දේශනයක් පැවැත්වීය. ‘පුරාණ නාඩගමේ අධ්‍යතන ස්වරූපය’ මැයෙන් ප්‍රාසාංගික දේශනයක්ද මෙහිදී පැවැත්වුණ අතර, එය පැවැත්වූයේ ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය මහතා විසිනි. රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මේ උලෙළ සංවිධානය කර තිබුණි.
ඡායා- ඉසංක සුනිමල්