රාජ්ය බැංකුවල ලිපිකරු පත්වීම් දෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචා කළ බව පැවසෙන පුද්ගලයෙකු මේ මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්රාත් සේසිරි හේරත් මහතා නියෝග කළේය.
එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දික්කුඹුර අද්දරගේ සිසිර කුමාර නැමති සැකකරුවෙකි. සැකකරුට මුදල් ලබාදුන් තරුණ තරුණියන් දසදෙනෙකු විසින් නඩු පවරා තිබූ අතර, ඔහු එම නඩු සම්බන්ධයෙන් වරෙන්තු දහයක්ද ලබා සිටි බව පොලීසිය පවසයි.
මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.