රටේ නීතිය අනුව මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් මේ රටේ ජනපති විය නොහැකි බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (16දා) සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
"එදා පරද්දන්න බෑ කියපු මහින්ද රාජපක්ෂ මහත්තයාව ගමේ හිටිය පොඩි මිනිහෙක් වුණ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය පැරැද්දුවා. මේ රටේ මහ රජා කවදාවත් පරද්දන්න බෑ කියලා වේදිකාවල කෑගහපු අයගේ කටවල් අද වැහිලා.
ඊළඟට එන මැතිවරණයෙන් ලක්ෂ 15කින් පරදිනවා සිකුරුයි. දැන් වයසත් 60 පැනපු නිසා මල් වට්ටි අරගෙන පන්සල් ගානේ යන එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයට කරන්න තියෙන්නෙ. ඒ හැරෙන්න කවදාවත් එතුමට මේ රටේ නීතියට අනුව ආයෙත් ජනාධිපති වෙන්න බෑ. ඒක නිසා ඔය විදියටම මලක් පහනක් පූජ කරගෙන පන්සලකට ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න කියලා මං එතුමට කියනවා." යැයි ඔහු පැවැසීය.
සූරියවැව - නුවන් ජයසේකර