රවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කරන ලද චෝදනාව දේශද්‍රෝහී හා පදනම් විරහිත බවත්, එම චෝදනා සිදුකළ ආකාරය සදාචාරාත්මක නොවන බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.
ඥානසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාව තුළ ලෝකයේ බොහෝ දියුණු රටවල පවා නොදැකිය හැකි අසීමිත ආගමික නිදහසක් ඇති බවත්, එයට හේතුව බෞද්ධ ධර්මය අනුව මැදුම් පිළිවෙතින් කටයුතු කරන සිංහල බෞද්ධ සංස්කෘතිය බවත් උන්වහන්සේ සඳහන් කළහ.