අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවක් සකස් කළහොත් ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 53 දෙනාගේ සහාය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා අද (27දා) පැවසීය.
මීට පෙර ඒකාබද්ධ විපක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටි බවත්, ඊට පෙර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් වී තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.