රනිල්ගේ 'බිලිබෝයි' ෆොන්සේකා බවත්, 'බිලි ගර්ල්' චන්ද්‍රිකා බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
"රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක කාලෙක බිලිබෝයි කෙනෙක් සොයාගත්තා. ඒ කියන්නේ ඇමක් විදිහටයි. සරත් ෆොන්සේකාව දාලා ඔහුව විනාශ කරලා දැම්මා. දැන් චන්ද්‍රිකාව ඉස්සරහට දාගෙන දඟලනවා. මොකද එයා දාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට විපක්ෂ නායකකමේ තවත් අවුරුදු පහක් හයක් ඉන්න පුළුවන් නිසා. මොන බිලිබෝයිස්ලා ගර්ල්ස්ලා ගෙනාවත් මේ ආණ්ඩුව පරද්දන්න බෑ" යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදී රුපියල් පන්දහසේ බඩුමල්ල පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ මම අභියෝග කළේ කරූ ජයසූරියටයි. හරීන් ප්‍රනාන්දු මහත්තයා මේකට බෙල්ල තිබ්බේ ඇයි කියලා මම දන්නේ නෑ. මොකද ඔහු මේ විදිහට මඩකන්න හොඳ නෑ. මේ වගේ දේවල්වලට බෙල්ල දීලා දේශපාලනඥයෝ වශයෙන් විනාශ වෙන්න හොඳ නෑ. මොකද අන්තිමට එතුමා නතර වෙන්නෙත් ජනාධිපතිතුමා ගාව නිසා.
සිය බඩුමල්ලේ තිබුනේ රටේ ජනතාව ආහාරයට ගන්නා දේවල් බවත්, හරීන් ප්‍රනාන්දු මහතාගේ බඩුමල්ලේ තිබුණේ එජාපයේ අය ආහාරයට ගන්නා ඒවා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.