එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අද (15 දා) ඉන්දියාවේ විශේෂ සංචාරයක් ආරම්භ කරනු ලැබීය. හෙට(16) දිනයේදී ඒ මහතා යළි දිවයිනට පැමිණිමට නියමිතය.
මෙම සංචාරයේදී වික්‍රමසිංහ මහතා කොංග්රස් පක්ෂයේ හා භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන නායකයන් හමුවන බවට සමහර මාධ්‍ය වාර්තා කර තිබුණද, එවැනි කිසිදු හමුවීමක් මෙම සංචාරයට අඩංගු නොවන බවත් මෙය පුද්ගලික ආරාධනාවක් මත සිදුකෙරෙන පුද්ගලික සංචාරයක් බවත් විපක්ෂ නායක කාර්යාලය දන්වා සිටියි.