රුපියල් ලක්ෂ තිහක් වටිනා රන් කැබැලි 6 ක් තම ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කළ රේගුව එම රන් කැබලි රාජසන්තක කිරීමට නියෝග කළේය.
මෙලෙස දඩ නියම වූයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකුටය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජේ.වී.යූ දර්ශන සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් විසින් පෙරේදා (12දා) සිදු කරනු ලැබීය.