වර්තමාන ආණ්ඩුවේ ණය ගැනීම 100%ඉක්මවා ගොස් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුවට ණයගැනීම සඳහා පාර්ලිමේන්තුව නිර්දේශ කර තිබෙන්නේ රුපියල් මිලියන 1780,000 ක මුදලක් ණය ගැනීමට බවත්, එහෙත් මේ වනවිට රුපියල් මිලියන 3549805 ණය ලබාගෙන තිබෙන බවද අද (26දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව සේම වර්තමාන ආණ්ඩුවත් අයථා ගනුදෙනු, ඥාති ගනුදෙනු සිදුකරන බවත්, මේ නිසා රට විශාල මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු පවසා සිටියේය.