බෝග විවිධාංගීකරණය හා ඵලදායිතාව ඉහළ නැංවීම තුළින් 2018 වනවිට මෙරට බීජවලින් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
ඒ අනුව බඩ ඉරිඟු, සෝයා බෝංවි, වියළි මිරිස්, අර්තාපල් හා බී ලූනුවලින් ස්වයංපෝෂිත කිරීමටත්, යැපුම් කෘෂිකර්මාන්තයේ සිට කෘෂි ව්‍යාපාර දක්වා ඉහළ තලයකට නැංවීමටත්, එමගින් 2020 වනවිට අපනයන වෙළෙඳ පොළට පිවිසීමට හැකිවන පරිදි මෙරට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමත් සිදුකරන බව අමාත්‍යවරයා කීය.