යහපාලන ආණ්ඩුවේ සත්‍ය තත්ත්වය හෙළිවී ඇතැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වූ යෝජනාව සඳහා වූ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
“වත්මන් ආණ්ඩුවට ඉතිරි වෙලා තිබෙන්නෙ ආයුධ භාවිත කරමින් රට පාලනය කිරීම පමණයි. මැරයන්ගේ මැර ගෝලයන් විසින් සිදුකරන ඇතැම් ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිවලට පවා ජනපති හමුවී සාකච්ඡා කළ නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා” යැයි පැවසීය.
රාජිත අමාත්‍යවරයා විසින් නීතිය තම සාක්කුවට ගෙන ඇතැම් ප්‍රකාශ නිකුත් කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ පිළිබඳ අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා,
“මාව මැරයෙක් කරන්න හදන එක තරයේ හෙළා දකිනවා. මගේ ඇඟිලි දහයම පිරිසිදුයි. අපි ගාව මැරයොත් නෑ. කුඩ්ඩොත් නෑ. ගංවතුරෙන් ගැහුවත්, කුණුවලින් ගැහුවත්, පෙට්රල්වලින් ගැහුවත් මම කරන්නේ මොනවද කියලා කොළොන්නාවේ ජනතාව දන්නවා.” යනුවෙන් සඳහන් කර සිටියේය.