ඖෂධ සම්බන්ධයෙන් නියාමන කටයුතු කිරීමට දින සියයේ ආණ්ඩුව ඖෂධ නියාමන අධිකාරියක් පිහිටවුවද, මේ වනවිට රට තුළ තිබෙන ඖෂධවලින් 30% ක් ප්‍රමිතියකින් තොර බවට වාර්තා වන්නේ යැයි මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනම සඳහන් කරයි.
ඖෂධවලට මිල ඖෂධයේ සැබෑ වටිනාකම හා සංසන්දනය කළ විට 200% සිට 800% දක්වා ඉහළ ගොස් තිබෙන බව එම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගෙන් 55% කට වැඩි ප්‍රමාණයක් රෝහල් තුළ ඇති තදබදය සහ ඖෂධ හිඟය නිසා පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා බව හෙළිවී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
ලෝකයේ රටවල් එක් රෝගියෙකු වෙනුවෙන් වියදම් කරන මුදල සලකා බැලුවහොත් ලංකාව තුළ සිටින රෝගියෙකු වෙනුවෙන් රජය විදයම් කරන්නේ 20 ගුණයකින් එක් පංගුවක් බවත්, උදාහරණ ලෙස ලෝකයේ බොහෝ රටවල් එක් රෝගියෙකු වෙනුවෙන් වර්ෂයකට ඩොලර් 615 ක් වියදම් කරන විට ලංකාවේ ඒකපුද්ගල සෞඛ්‍ය වියදම ඩොලර් 34 ක් බවද ජාතික සංවිධායකවරයා පැවසීය.
මේ නිසා ඉදිරි අයවැයෙන් සෞඛ්‍යයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක් වෙන්කර මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය රට තුළ වහාම ක්‍රියාත්මක කරන ලෙස එම සංගමය ඉල්ලා සිටියි.