තාවකාලිකව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමුවැනි වසර හැර සෙසු පීඨ හෙට (30දා) විවෘත කරන බව එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා අද (29දා) පැවසීය.
සිසුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පසුගියදා (27දා) දහවල් 10.00 ට පමණ මිහින්තලය රජරට විශ්වවිද්‍යාලය දින නියමක් නොමැතිව වසා දැමුණි.
හෙට (30දා) සිට සිසුන්ට විශ්වවිද්‍යාලයට පැමිණ තම අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව සලසා දී ඇති බවත්, විශ්වවිද්‍යාල නේවාසිකාගාරද විවෘතව තිබෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.