රජයේ සේවකයන්ගේ වැටුපට එක් කළ රුපියල් 10, 000න් රුපියල් 2500ක් ජනවාරි මස සිට මූලික වැටුපට එක්කරන බවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පසුගිය වසරේදී සඳහන් කළත් රජයේ සේවක මූලික වැටුපට රුපියල් 2500ක් ජනවාරි මසදී එකතු වී නොමැති බව රජයේ සේවකයෝ පවසති.
ඇතැම් රාජ්ය සේවකයන්ගේ ජනවාරි මාසයට අදාළ පඩිපත ඊයේ දිනයේදී ලැබී තිබුණ අතර එහිදී කිසිදු මූලික වැටුපේ කිසිදු වැඩි කිරීමක් සිදුකර නොමත.
එසේම අගමැතිවරයා පොරොන්දු වූ පරිදි රාජ්ය සේවක මූලික වැටුපට මේ මස සිට රුපියල් 2500 ක් එකතු කිරීමට අදාළ චක්රලේඛ මෙතෙක් නිකුත් කර නැතැයිද රාජ්ය, අර්ධ රාජ්ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.