චීන රජයේ මැදිහත් වීමෙන් හම්බන්තොට සහ මත්තල ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව ඇතැමුන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීම චීන රජය ඉවත දමා ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති බවත් එය සාවද්‍ය බවත්, රටේ ආර්ථික සංවර්ධනය අවහිර කිරීමේ අපේක්ෂාවෙන් අදාළ වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.