රජය සහ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එක්ව එම වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතිගත කිරීමට සැලසුමක් සකස් කරමින් තිබෙන බව වාර්තාවේ.
2009 වසරේදී ආරම්භ කළ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය තුළින් උපාධිධාරීන් 19 දෙනෙකු මේ වනවිට බිහිකර ඇතත්, වෛද්‍ය සභාව විසින් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිනොගැනීම නිසා උපාධිධාරීන් 19 දෙනාට රජයේ හෝ පෞද්ගලික ආයතනවල වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට නොහැකි වී තිබේ.
මේ නිසා එම වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන් විසින් විවිධ විරෝධතා දැක්වීම හා රජයෙන් මේ සම්බන්ධ තීරණයක් ලබාදෙන ලෙසට ශිෂ්‍යයන් හා දෙමාපියන් එක්ව සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව රජයේ මැදිහත්වීම සිදුකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇත. මේ පිළිබඳව රජය සමග ඉහළ පෙළ සාකච්ඡා දෙකක් අද දිනයේදීත් (11දා) පැවැත්වීමට නියමිත අතර, මින් එක් කණ්ඩායමක් රජයේ වෛද්‍යවරුන් වන අතර, අනෙක් කණ්ඩායම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සම්බන්ධ කණ්ඩායමකි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජයේ මැදිහත්වීම සිදුකර බඳවාගැනීම, පුහුණුව හා විභාග පැවැත්වීම, උපාධි පිරිනැමීම ප්‍රමිතිගත කිරීමට නියමිත අතර, ඉන්පසුව බිහිවන වෛද්‍යවරුන්ට ලබාදෙන වෛද්‍ය උපාධිය රජයේ පිළිගැනීමකට ලක් කිරීම පිළිබඳවත් අවධානය යොමුව තිබේ.
අදාළ නීතිගත කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, අද (11දා) පැවැත්වෙන සාකච්ඡා ඉතාමත් තීරණාත්මක බවද වාර්තා වේ.