එක්සත් ජාතීන්ගේ 25වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මතකර ගත් යෝජනාව ක්‍රියාත්මක කිරිම සඳහා අනෙකුත් ජාත්‍යන්තර රටවල් සමග සහයෝගයෙන් ක්‍රියා කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි.
එසේම ශ්‍රී ලංකාව තුළ චිරස්තායි සාමයක් ඇතිකිරිම සඳහා වගවීමේ, සමගි සන්ධාන වීමේ හා මානව හිමකම් ආරක්ෂා කිරිමේ වර්ධනයක් අවශ්‍ය බවත් හෙතෙම එංගලනත් පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත. මේ සියලු දෑ හරහා ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් ජාතියක් බවට පත්විමට හැකි බවත් හෙතෙම වැඩි දුරටත් පවසා තිබේ.