පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ ඉන්දීය කණ්ඩායමේ පිතිකරු යුවරාජ් සිංගේ චන්ද්රිග්රාහි පිහිටි නිවසට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ පැවැති තරගයේදී යුවරාජ් සිං ට දක්ෂතා අතරට ළඟාවීමට නොහැකි වූ අතර, පන්දු 21ක් තුළදී ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 11ක් පමණි. මේ ඉනිම හේතුවෙන් තරගය ශ්‍රී ලංකාව දෙසට දෝලනය විය.
නමුත් 2011වසරේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට පත්වෙමින් එම ලෝක කුසලානය ඉන්දියාවට ලබාදීමටත්, 2007 වසරේදී පැවැති පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ජය ඉන්දියාව වෙත හිමිකර දීමටත් වැඩි දායකත්වයක් යුවරාජ් සිං විසින් සිදුකරනු ලැබීය. එහෙත් ඔහු ඊයේ අසාර්ථක විය.
ක්‍රිකට් ක්‍රීඩාව යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. දිගින් දිගටම සාර්ථක වන ක්‍රීඩකයෙකු එක් දිනකදී අසාර්ථක විය හැක. නමුත් ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙම සත්‍ය පිළිනොගන්නා බවට අතීතයේ සිටම සාක්ෂි සපයා ඇත.