යුද සමය තුළ උතුරු ප්‍රදේශයෙන් සොයාගත් රත්රන්වල හිමිකරුවන් 2,379 දෙනෙකුගෙන් 1960 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති බවත්, එම පිරිසට ඔවුන්ගේ රත්රන් ලබාදීම නුදුරේදීම සිදුකරන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා අද (26දා) ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවසීය.
මෙහිදී මන්නරාම ප්‍රදේශයේ 223 ක්, වවුනියාවේ 319 ක්, යාපනයේ 45 ක්, කිලිනොච්චියේ 1187 ක් සහ මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයන් 186 ක් වශයෙන් මෙලෙස රත්රන් ලබාදෙයි.