යාල ජාතික වනෝද්‍යානය අද (16දා) සිට යළි විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද සිට දිනපතා උදෑසන 6.00 සිට පැය 4 ක කාලයක් වනෝද්‍යානය සංචාරකයන් සඳහා විවෘතව තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව %අද^ ට පැවසීය.
වර්ෂාපතනය නොමැතිවීම හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය දක්වා තාවකාලිකව වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළේය.
කෙසේ වෙතත් අද සිට උද්‍යානයට ඇතුළු වන සංචාරකයන් දහවල් 12.00 ට පෙර වනෝද්‍යානයෙන් පිටතට පැමිණිය යුතු බව වනජීවී දෙපාර්තමේන්තුව දන්වා සිටියි.