කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ අධිසුඛෝපභෝගී බස්රථයක් අද (13දා) අලුයම 3.00 ට පමණ කනගරායන්කුලම, කුරිච්චුට්ටාන් ප්රදේශයේදී හදිසියේම ඇති වූ ගින්නක් හේතුවෙන් විනාශ වී ඇත.
කනගරායන්කුලම පොලීසිය පැවසුවේ කොළඹින් ඊයේ (12දා) රාත්රියේ යාපනය බලා පිටත් වූ බස්රථය කුරිච්චුට්ටාන් ප්රදේශයේදී එන්ජිමේ ඇති වූ යාන්ත්රික දෝෂයකින් ගින්න හටගෙන ඇති බවයි.
ගින්න ඇති වූ අවස්ථාවේ බස්රථය තුළ මගීන් 45 දෙනෙකු පමණ ගමන්කොට ඇති අතර, ගින්න හටගැනීමත් සමඟ එහි සිටි මගීන් බස් රථයෙන් ඉවත්වීම නිසා ඔවුන්ට හානියක් සිදු වී නොමැති බවද කනගරායන්කුලම පොලීසිය වැඩිදුරටත් පැවසීය.
අනතුරට පත් බස්රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් පමණ වෙතැයි පොලීසිය පවසයි.